22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – නිල නිවේදනය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් අද (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණු අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අවකාශ සැලසේ.

ඒ අනුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අභියෝග කිරීමට කැමති පාර්ශ්වයකට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දින 21ක් ඇතුළත සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.

මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි) පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ මගින් මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අනෙකුත් සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම යෝජිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website