ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල් සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මහීල් සේනාරත්න මහතා 2010-12 අතර කාලය තුළ ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
දිවයින පුරා මාළු අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි අනුගමනය නොකළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව අල්ලස් කොමිෂම පැවසුවේය.














