පොල්පිටිය පොලිස් වසමේ මොරහේනගම ප්‍රදේශයේ නිවසක් නාය යෑමට ලක්වීම හේතුවෙන් නිවස තුළ සිටි කාන්තවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොල්පිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිදුවීම ඊයේ (03) සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මරණකාරියන් දෙදෙනෙකු අවුරුදු 47 සහ 83 වයස්වල පසු වූ මොරහේනගම එම නිවසේ පදිංචිකාරියන් වන අතර අනෙක් මරණකරු අවරුදු 22 හා මරණකාරිය අවුරුදු 58 ක් වූ මාතලේ ප්‍රදේශයේ සිට පැමිණි ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු බවට හදුනාගෙන ඇත.
යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශවාසීන් හා එක්ව පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙහෙයුමක් සිදුකර මෘත ශරීර සොයාගෙන ඇත. පොල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














