මහඔයේ බඩල්ගම ප්රදේශයේ දී අද (19) පස්වරුවේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු දැඩි රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව බඩල්ගම පොලිසිය පවසයි.
ඔවුන් සිව්දෙනා දියේ ගිලී මිය යන්නට ඇතැයි සැක කරන නමුත් ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්රියාත්මක කරන බව ද පොලිසිය පැවසුවේය.















