හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම ගැන අභියාචනාධිකරණ තීන්දුවට දින දෙයි

2019 පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 22 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.

මෙම රිට් පෙත්සම ඉදිරියට ගෙන යනවාද නැතහොත් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරනවාද යන්න අභියාචනාධිකරණය එදින තීරණය කරනු ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (03) මෙම රිට් පෙත්සම කැඳවනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website