නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබා දුන් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.
අයහපත් කාලගුණය හමුවේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය, සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.















