මූතූර් පොලිස් වසමේ ත්රිකුණාමලය මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 97 කණුව ආසන්නයේදී මූතූර් දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී ඊයේ (2)දින අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මූතූර් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මරණකරුවන් අවුරුදු 19 හා 22 වයස්වල පසු වූ මූතූර් ප්රදේශයේ පදිංචිකරුවන් වේ
ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූතූර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














