ලොතරැයි අලෙවි කරමින් සිටි ළමයෙකු පොලිසිය දෙමාපියන්ට භාර දෙයි – දෙමාපියන්ට දැඩි අවවාද

2026.07.26 වන දින දිවා කාලයේ තලගල්ල ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කුටියක ලොතරැයි අලෙවි කරමින් සිටි ළමයෙකු දුටු ඕපාත පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු, එම ළමයා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

ළමයා 14 හැවිරිදි වියේ පසුවන්නෙකු බව අනාවරණය වූ බැවින් ස්ථානාධිපතිවරයා විසින් එදිනම ළමයාගේ දෙමාපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර ළමයා එම දෙමව්පියන්ට භාරදීමට ක්‍රියා කර ඇත.

නිලධාරීන් දෙදෙනා විසින් මෙම ළමයා සේවයේ යෙදීමෙන් මුදාගැනීමේ සත්භාවයෙන් ලොතරැයි කූඩුවේ සිට පොලිස් භාරයට ගැනීමේදී, ළමයාගේ සහෝදරයා බවට හඳුනාගෙන තිබෙන පුද්ගලයෙකු විසින් ළමයා පොලිස් භාරයට ගන්නා අයුරු වීඩියෝගත කර ඇති අතර පසුව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාවට ද්වේෂය උපදවන පරිදි ඔහු එම වීඩියෝව සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව පමණක් ක්‍රියාකරන අතර යම් ළමයෙකු රැකියාවේ යෙදවීම මෙන්ම සිගමනේ යෙදවීම ද තහනම් ක්‍රියාවන් බව දැනුම් දෙන්නෙමු.

මෙම ඡායාරූපය AI මගින් ජනනය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website