අද (31) දින විශ්රාම ලබන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
සේවයෙන් විශ්රාම යාමත් සමග ඒ මහතා ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.
මෙහිදී, ලසන්ත රොද්රිගෝ මහතා සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔහුගේ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කළේය.














