ගජබාගේ සති අග දේශපාලන විපරම: ‘විපක්ෂෙට කට උත්තර නැති කළ S&P වාර්තාව ගැන රසකතා’

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර තිබූ මට්ටමේම ස්ථාවරව පවත්වා ගෙන යාමට රජයට හැකි වී තිබේ. මේ පිළිබඳව ජනාධිපතිවරයා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හමුවු අවස්ථාවේ කතා කළේ දැඩි සතුටකිනි. ‍

‘අපි දශමෙකින් හරි ආපස්සට ගියා නම් අද බලන්න තිබුණා විපක්ෂ‌ය මොක කියන්නේ කියලා‍ යැයි ජනාධිපතිවරයා සිහිපත් කළේය.’‍

“ඇත්තටම මේකේ ඇති වැදගත්ම දේ තමයි අපි බාහිර හා අභයන්තර කම්පන අවස්ථා දෙකකට ඒ කියන්නේ දිට්වා සුළි කුණාටුවටත්, මැද පෙරදිග යුද්ධයටත්  මුහුණ දීලා කිසිම කඩා වැටීමකට ලක් නොවී රට වහන්නෙත් නැතිව, ආනයන සීමා කරන්නනෙත් නැතිව මේ වගේ ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වීම” යැයි මුදල් ලේකම් හර්ෂණ සුරියප්පෙරුම පෙන්වා දුන්නේය.

“ඒක හරි. ඇත්තටම මේකට හේතුව අපේ මූල්‍ය විනය  හා කළමණාකරනය. දැන් අපි අයෝජකයෝ ගෙන්වා ගැනීම ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම තමයි කිසියම් ආයතනයක් ස්ථාවරව පවත්වාගෙන යන්න ඒ අයට සහයක් ලබාදිය යුතු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපෘතිය එවන්න කියන්න. අපිට මුදල් දෙන්න පුළුවන්.  ඔව්, මිනිස්සු අපිට බදු ගෙවලා තියෙනවානේ. එහෙම ගෙව්වේ අපි එයාලට යමක් කරයි කියන බලාපොරොත්තුවෙන්නේ. ඒක තමයි. විශ්වාසය. ඒ විශ්වාසය රකින එක අපේ යුතුකමක්.

අනික තමයි දැන් ඔය ආයතනවලට වැඩ කරලා පුරුද්ද තියෙන්නේ පරණ විදියටනේ. භාණ්ඩාගාරෙ මුදල් නැහැ, ඒ නිසා සීමාවකට යටත්ව මුදල් දෙන කාලයක්  එක්ක වැඩ කරපු අයනේ. එයාලා ව්‍යාපෘති ඇස්තමේන්තු කරන්නේ පුලුවන් තරම් කෑලි කපලා. ඒ ගැන මුදල් අමාත්‍යංශය විදියට අපි අවධානය යොමු කරන්න ඕනෑ. භාණ්ඩාගාරයේ වැඩ එයාලා බරක් කරගන්න ඕන නැහැ, අපි ඒ බර කරට අරන් තියෙන්නේ. කෙරෙන්න ඕනෑ වැඩේ විතරක් දෙන්න කියලා අපි නිලධාරීන්ට කියන්න ඕනෑ. ජනාධිපතිතුමා නිතර කියන්නේ වැඩ ගැන ලොකුවට හිතන්න කියලා. සංවර්ධන ව්‍යාපෘති ගැන ඉහළ විදියට හිතන්න ඕනෑ. කෑලි කෑලි පැලැස්තර අලවන එකෙන් ආයතනයක් රටක් කවදාවත් ඉස්සරහට යන්නේ නෑ කියලා. ඒ සමගම අපි සැලකිල්ලට භාජනය කළයුතු අභියෝග කිහිපයකුත් තිබෙනවා.  එකක් තමයි කලින් ආණ්ඩු කිසිදු සැලැස්මකින් තොරව, අපරික්ෂාකාරී සහ අනවශ්‍ය ලෙස ගත් ණය. ඒ නිසා අපේ භාණ්ඩාගාරයට විශාල ණය පොලී ප්‍රමාණයක්  ගෙවන්න වෙලා  තියෙනවා. 2025 වසරේදී පමණක් රුපියල් බිලියන 2500කට වඩා පොළී වශයෙන් ගෙවීමට සිදුවීම සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් වෙලා.  ඊළගට තිබෙන බාධකය වන්නේ මේ සමස්ත ණයවලින් ඇතැම් ඒවා අරගෙන තිබෙන්නේ ඉතාමත් අසාර්ථක සහ ප්‍රතිඵලදායක නොවන දේවල්වලට. මේක භාණ්ඩාගාරයට බරක් වෙලා තියන්නේ” මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත කීවෙයව්ය.

ජනතාව ගෙවන බදු වලින් ජනතාවට සේවය කරන්න

“දැන් අපේ පුනරාවර්තන වියදම් වැඩි වෙලා ප්‍රාග්ධන වියදම් අඩු වෙලා.  මේක වෙනස් වෙන්න ඕනෑ. මේ යන විදියට සිදු වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යන්න ලොකු වියදමක් දරන්න වෙන එකයි. ඒ සිදුකරන වියදමෙන් ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නත් ඕනෑ. ඒ නිසා ලබන අවුරුද්දේ ඉලක්ක සහගත ආර්ථික සැලසුමක් අවශ්‍යයි. අපි ලබන අවුරුද්දේ  ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 2000ක පමණ මුදලක් වෙන් කිරීමට සැලසුම් කරලා තියෙනවා, ඒක කලින්ට වඩා 40%ක විතර වැඩිවීමක්”  හර්ෂණ සුරියප්පෙරුම මුදල් අමත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවනු ලැබීය. එහිදී ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර ඊට සවන් දුන් ජනාධිපතිවරයා සදහන් කළේ නගර යනු ගොඩනගන ඒවා මිස ගොඩනැගුණු ඒවා නොවන බවත්, ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ යුගයේ අවශ්‍යතාව අනුව නගර නිර්මාණය කිරිමේ වැදගත් බවත්ය. 

භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යොදාගත යුතුයි.  අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම අපේ ඉලක්කයයැයිද  ජනාධිපතිවරයා මෙහිදි දැඩිව අවධාරණය කළේය. 

“රාජ්‍ය අංශය දේශපාලකයින්ගේ පිරිස් රැකියාවලට පුරවන තැනක් බවට පත් කරලා රාජ්‍ය දේහය කඩා දැම්මාම ඒක අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුඑවෙනවා. රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීමක්, ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දෙන්න පුළුවන්. ජාත්‍යන්තර වාර්තා තුළ මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතිනවා.  එක යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වුනා. අද අපේ රට ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙනවා. ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවී තිබීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර පොදුවේ රට ගොඩනැගීම අප කාගෙත් වගකීමක්. ඒ නිසා ආයතනවලට කොටු නොවී ජාතික සැලැස්මක් අනුව සියලුදෙනා කටයුතු කළ යුතුයි. රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ගැටලු ගණනාවකට විසදුම් ලැබෙනවා. විනයගරුක සහ නිරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම්” ඒ වෙනුවෙන් ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.  ‍

එහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට  ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර, එම ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා,  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, ධිවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඊට අමතරව දිට්වාවලින් වූ හානිපූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ඡා විය. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරිම පිළිබඳවද මෙහිදී අවධානය ‌යොමු විය.

“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීමටද රජයේ අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 23.7කට වැඩි අතිරේඛ ප්‍රතිපාදන වෙන්කර තිබේ. 

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් පසුගිය ජූලි 15 වන දින ජාතික මට්ටමින් ආරම්භ කරන ලද “සිලෝන් ටී විලේජ්” (Ceylon Tea Village) තේ ගම්මාන 500 ව්‍යාපෘතිය විධිමත් ලෙස සංවිධානය කිරීම, පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“අප ආරම්භ කළ මෙම ‘සිලෝන් ටී විලේජ්’ ව්‍යාපෘතිය හුදෙක් ආරම්භයක් පමණක් නෙවෙයි. සාර්ථකව ඉස්සරහට යන්න ඕනෑ. ඒ සඳහා සෑම තේ ගම්මානයකම තේ තවානක් සහ ආදර්ශ වගාවක් බැගින් ස්ථාපිත කරමින්, බිම් මට්ටමින්ම ශක්තිමත් ඉදිරියට යා යුතු බවද සාකච්ඡාවේදී කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේය. ගම්මාන 500න් දිවයින පුරා ගම්මාන 144ක් දැනට ආරම්භ කර ඇත.

මේ දිනවල කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත දිස්ත්‍රික්කවල ගොවි ජනතාව හමුවෙන රැස්වීම් මාලාවකට සහභාගි වෙමින් ඉන්නවා. ගොවිජනතාව ආණ්ඩුව කෙරෙහි ප්‍රතිවිරෝධයක් ඇති කිරීමට විපක්ෂය විසින් උත්සහ කළද මෙම හමුවීම්වලදී කෘෂිකර්ම ඇමතිවරයාට ගොවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්ය. ‍

අනුරාධපුරයේ මෙවැනි උත්සවයකට සහභාගි වෙමින් ලාල්කාන්ත ඇමතිවයරයා තඹුත්තේගම ප්‍රදේශයේ අක්කරයකට බුසල් 200කට වඩා අස්වැන්නක් ලබන ගොවි මහතෙකු උදාහරණයට ගනිමින් ගොවීන්ගේ දක්ෂතාව අගය කළේය.

අක්කරයක් වගා කිරීමට යන පිරිවැය සම්බන්ධයෙන් ගොවීන් දැක්වූ අදහස්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා  පෙන්වා දුන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව යල කන්නයේ නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇති බවයි. ඒ වාර්තාවට අනුව වී කිලෝවක පිරිවැයට සීයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කර ඇති බවද ගොවීන්ට පොහොර සහනාධාරයක් ලබාදීමෙන් වියදම් කළමණාකරණයක් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

තවමත් අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමා, රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් ජාතික සැලැස්මකට අනුව වගා කළ යුතු බව අවධාරණය කළේය.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය මූලික කරගත් “වාරි සංචාරක කර්මාන්තය” දියුණු කිරීම හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවට අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට පියවර ගන්නා බවද පැවසීය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website