අනුර කුමාරට 1982 දී ජේ.ආර් ගිය පාරෙම යන්න වෙනවා – දයාසිරි ජයසේකර

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වන බැවින්  එය වෙනස් කිරීමට නම් ජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් කැඳවිය යුතු බව හිටපු අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

“මේකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කළ පරිදි ජනමත විචාරණයක් කැඳවිය යුතුයි” ඔහු පැවසීය.

විනිසුරුවරුන් තමන් ගැනම තීන්දුවක් ලබා දිය යුතු කාලයක් පැමිණෙන බව සඳහන් කළ ජයසේකර මහතා පැවසුවේ ඔවුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔවුන්ට සිදුවන බවයි.

“රජය විනිසුරුවරුන්ට ප්‍රතිලාභ ලබා දීමට බල කිරීමෙන් ඔවුන් දුෂ්කර තත්වයකට පත් නොකළ යුතුයි,” දයාසිරි ජයසේකර වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website