වාහන ආනයනය මත පනවා ඇති 50%ක අතිරේක තීරු බද්ද තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිඳු නියෝගයක් රජය විසින් මේ දක්වා ලබා දී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වාහන ආනයන තීරු බදු මත මාස තුනක කාලයක් සඳහා පනවන ලද 50%ක අතිරේක බද්දේ කාලය අවසන් වීමට ආසන්නව පවතින අතර ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි උනන්දුවක් පවතී.
මෙම අතිරේක තීරු බද්ද පැනවීම සමඟ මෝටර් රථ ආනයනයේ සැලකිය යුතු අඩු වීමක් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති අතර බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි.ජේ. අබේරත්න මාධ්‍ය වෙත පවසා තිබුණාය.
මෙම තීරු බදු තව දුරටත් දීර්ඝ කරන්නේ දැයි මාධ්‍ය විසින් විමසා සිටි අවස්ථාවේ ඇය ප්‍රකාශ කළේ එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවයි.
“අපි මුලින් එය පැනවූයේ මාස තුනකට පමණයි. මෙම දීර්ඝ කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත රඳා පවතී. මෙතෙක් කිසිදු තීරණයක් පිළිබඳව අපට දැනුම් දී නැහැ,” ඇය පැවසුවාය.
















