පැය 24 කට වඩා වැඩි කාලයක් උණ පවතී නම් දරුවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසිරි මහතා අනතුරු ඇඟවීමක් කළේය.
විශේෂඥ වෛදී රත්නසිරි පැවසුවේ ඩෙංගු රෝගය වැළඳී ඇති ළමුන් 50ක් පමණ මේ වන විට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
“මෙම දරුවවන්ගෙන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා’ ඔහු පැවසුවේය.
ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බවට සිය කණස්සල්ල පළ කළ විශේෂඥ වෛද්‍යවරයා නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස දෙමාපියන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේය.















