යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුා අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇත.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවක් අද (24) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අතර මන්ත්‍රී අර්ජුනා නඩු විභාගය සඳහා පැමිණ සිටියේ නැත.
ඒ හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත. නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන් ද අධිකරණයට ඉදිරිපත් නොවීය.
















