සමගි නීතිඥ සංගමයේ මහජන කථිකාවත සාර්ථකව අවසන්

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අද (20) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සමගි නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම මහජන කථිකාවත සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

එහි දී උපරිමාධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු රජය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහර සම්බන්ධයෙන් අදහස් රැසක් ඉදිරිපත් විය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටීයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website