
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සඳහා ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.
මේ වන විට යළිත් මැදපෙරදිග කලාපයේ වර්ධනය වී පවතින ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා සිදුවී නොමැති බව පෙන්වා දුන් නෙත්තිකුමාර ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේ ද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද සඳහන් කළේය.














