අද (16) සිට දිස්ත්‍රික්ක 11 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකක නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක 11ක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 175ක් අධි අවදානම් සහිත ඩෙංගු කලාප ලෙස වර්ගීකරණය කර ඇත.
මේ අතර ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද අඛණ්ඩව අටවන දිනටත් ක්‍රියාත්මක වේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.














