හිස් භාජන වල සද්දේ විතරයි කියලා කියනවානේ, ඒක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා විවේචකයෝ අද පාලකයෝ වෙලා. විවේචනවලින් ආණ්ඩුවක්, රටක් දුවන්නේ නැති බව දැන් ඔවුන්ටම වැටහිලා තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව ගමන්ගේ නොහැකියාව වසා ගන්නේ මේ උද්දච්ඡකමයි මර්දනයක් භාවිතා කරලා.
ආණ්ඩුවට දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා කියලා විපක්ෂය දැන් නිතරම කියනවා. විපක්ෂය කියන මේ කතාවේ තේරුම මොකක්ද ?
මාළිමාව, එහෙම නැතිනම් අනුර කුමාර දිසානායක බලයට ඒමට පෙර ජනතාවට පෙන්නපු මූණයි, බලය ලැබුණට පස්සේ එළියට දාපු ඇත්ත මූණයි අතර වෙනස දැන් ජනතාව හොඳට හඳුනා ගෙන තියෙන්නේ. පසුගිය අවුරුදු ගණනාවක් මුළුල්ලේ ජනතා විමුක්ති පෙරමුණ වෙස්මූණු දාගෙන නටපු නැටුම දැන් වෙස්මූණු ගළවලා නටන්න වෙලා තිබෙනවා. සැබෑ තත්ත්වයට අද මූණ දෙන්න වෙලා තියෙනවා. එදා ඔවුන් කට උල් කරලා කිව්ව දේවල් අද ඔවුන්ටම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ සිදුවීම්වල කාබන් පිටපත් වැනි සිදුවීම්වලට අද ජනතා විමුක්ති පෙරමුණට, මාළිමාවට මූණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ආසන්නම උදාහරණය මීගමුව බන්ධනාගාර සිදුවීම. 2020 මේ ආකාරයේම සිදුවීමක් මහර බන්ධනාගාරයේ සිදු වුණා. එදා ඒ සිදුවීමේ දී අනුර කුමාර දිසානායක හිටියේ විපක්ෂයේ, සීයට තුනේ මන්ත්‍රී කෙනෙක් විදිහට. ඔහු එදා මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම විවේචනය කළා, ඝාතනය ලක් වූ රැඳවියන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියා, මේ ඝාතනවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව කිව්වා, රජය භාරයේ සිටින රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බව කිව්වා. ඒත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙක් ඝාතනය කරන විට, ඒ රැඳවියන් මාරු කර යැවූ බන්ධනාගාරවල දී රැඳවියන් තිදෙනෙක් ඝාතනය වන විට, තවත් සිය ගණනක් බරපතළ ප්‍රහාරවලට ලක්වන විට එදා විපක්ෂයේ සිට කිඹුල් කඳුළු හෙළු අනුර කුමාර දිසානායක ඇහැට දකින්නවත් නැහැ. ඔහු ආණ්ඩුව භාරයේ සිටි රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කළේ නැහැ. ඔහුට බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න නොහැකි වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙක් රැඳවියන් අතින් ඝාතනය වුණා. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර දීමට නොහැකි වුණා. ඔහු 2020 දී කිව්ව දේට සම්පූර්ණයෙන්ම පටහැණි දෙයක් සිද්ධ වුණා. මේකත් දිට්වා සුළි කුණාටුව වාගේ. මේ වන විට තහවුරු වෙලා තිබෙනවා ගැටුමක් සිදුවෙනවා කියලා, ඒ ගැන බුද්ධි තොරතුරු ලැබිලා තිබෙනවා. නමුත් ඒ ගැටුම වළක්වා ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. හරියට දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ වාගේ. පුර්ව අනතුරු ඇඟවිම් ලැබුණත් එදත් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ, පූර්වාරක්ෂක පියවර ගත්තේ නැහැ. ඒ නිසා ඝාතනයට ලක් වුණ සෑම නිධාරියෙකුගේම, රැඳවියෙකුගේම ජීවිත වල වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා භාර ගත යුතුයි. අධිකරණ අමාත්‍යවරයාගේ කිඹුල් කඳුළුවලින් ඒ වගකීම සහ වගවීම සෝදා හරින්න බැහැ. මේ වාගේ සිදුවීම් අඛණ්ඩව සිදුවෙන නිසා තමයි විපක්ෂය කියන්නේ ආණ්ඩුවට දිට්ඨ ධම්මවේදනීය කරුමය පඩිසන් දෙනවා කියලා.
දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ දී වගේම මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්රචණ්ඩකාරීත්වය හමුවේ ද ආණ්ඩුවට නිවැරදි තීරණ ගන්න, කඩිනමින් නියෝග නිකුත් කරන්න නොහැකි වුණ බවට විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය කියන්නේ ආණ්ඩුවට වැඩ බැරි බව මේ හරහා ඔප්පු වුණා කියලා. ඔබත් මේ චෝදනාවට එකඟ ද ?
අපි පමණක් නොමෙයි මේ රටේ බහුතරයක් ජනතාව දන්නවා මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ කියලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ගන්න බැහැ කියලා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ දී වගේම මේ අවස්ථාවේදී ඒක ඔප්පු වුණා. ගැටුම ආරම්භ වුණ පළමු දිනයේ දී නිවැරදිව තීන්දු – තීරණ ගත්තා නම් මේ ජීවිත සියල්ල ආරක්ෂා කර ගන්න පුළුවන් කම තිබුණා. නමුත් ආණ්ඩුවට ඒක කරන්න නොහැකි වුණා. බන්ධනාගාර විෂය භාර අධිකරණ ඇමතිවරයා මේ සිදුවීම ගැන තොරතුරු දැන ගත්තේ සමාජ මාධ්‍ය හරහා බව ප්‍රසිද්ධියේ කිව්වා.

ඔව්, අපි පමණක් නොමෙයි මේ රටේ බහුතරයක් ජනතාව දන්නවා මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ කියලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ගන්න බැහැ කියලා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ දී වගේම මේ අවස්ථාවේදී ඒක ඔප්පු වුණා. ගැටුම ආරම්භ වුණ පළමු දිනයේ දී නිවැරදිව තීන්දු – තීරණ ගත්තා නම් මේ ජීවිත සියල්ල ආරක්ෂා කර ගන්න පුළුවන් කම තිබුණා. නමුත් ආණ්ඩුවට ඒක කරන්න නොහැකි වුණා. බන්ධනාගාර විෂය භාර අධිකරණ ඇමතිවරයා මේ සිදුවීම ගැන තොරතුරු දැන ගත්තේ සමාජ මාධ්‍ය හරහා බව ප්‍රසිද්ධියේ කිව්වා. ගැටුම ඇති වුණ දා නොව ඊට පසුව දා පොලිසියට කැඳවීමට පියවර ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලිව කිව්වා. පළමු දිනයේ දී ඇයි නිවැරදි තීන්දුවක් ගන්න නොහැකි වුණේ ?, ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට, ජනාධිපතිවරයාට වැඩ බැහැ, නිවැරදි කළමනාකරණ හැකියාවක් නැහැ. ඔවුන් කටින් බතල කොළ හිටවනවා පමණයි. කිසිම වැඩක් නිවැරදිව කරන්න බැහැ. මේක ඉතාම හානිකර තත්ත්වයක්. මේ වගේ වගකීමක් සහ වගවීමක් නැති ආණ්ඩුවක් මේ ලෝකයේම නැතිව ඇති.
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මීට පෙර මෙවැනි තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ විශාල වැඩ කොටසක් කළා. රතු තරුව සමඟ පාරට බැස්සා, ඒ වගේම ආණ්ඩුව දැඩිව විවේචනය කළා. ඔබ මේ ගැන මොකද හිතන්නේ ?
මේකත් දිට්ඨ ධම්මවේදනීය කර්මයක් ම තමයි. පසුගිය කාලේ ඩෙංගු ව්‍යාප්ත වෙන කොට ජනතා විමුක්ති පෙරමුණ බරපතළ ලෙස ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පළාත් පාලන ආයතන විවේචනය කළා. ඒත් අද ඔවුන් මේ අර්බුදයට මුහුණ දෙන විට ළදරුවන් වාගේ කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ පළාත් පාලන ආයතනවලට කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැහැ මේ වසංගත තත්ත්වය කළමනාකරණය කර ගන්න. ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා රුපියල් බිලියන 500ක ව්‍යාපෘතියක් ආරම්භ කළා. නමුත් ඒ ව්‍යාපෘතියෙන් කිසිම ප්‍රතිඵලයක් නැති බව මේ ඩෙංගු වසංගත හරහා පැහැදිලි වෙනවා. මේ ව්‍යාපෘතියට වැය කළ මුදල් වලින් රටට, ජනතාවට කිසිම ප්‍රතිඵලයක් අත්වෙලා නැහැ. රටේ අග නගරය කොළඹ අද ඩෙංගු තවානක් වෙලා, මිහිපිට අපායක් වෙලා. මේවා ජනතාව අපේක්ෂා කළ දේවල් නෙවෙයි. වැඩ බැරි ආණ්ඩුවක් පත් කළ 68 ලක්ෂයට පමණක් නොවෙයි අද මේ ආණ්ඩුවේ ශාපයට කර ගහන්න වෙලා තියෙන්නේ ලක්ෂ 222කටම මේ පාපයට කර ගහන්න වෙලා තිබෙනවා.
ආණ්ඩුවට වැඩ බැරි වුණත් ‘ආණ්ඩුව හරි උද්දච්ඡයි’ කියලා විපක්ෂය කියන්නේ ඇයි ?
හිස් භාජන වල සද්දේ විතරයි කියලා කියනවානේ, ඒක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා විවේචකයෝ අද පාලකයෝ වෙලා. විවේචනවලින් ආණ්ඩුවක්, රටක් දුවන්නේ නැති බව දැන් ඔවුන්ටම වැටහිලා තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව ගමන්ගේ නොහැකියාව වසා ගන්නේ මේ උද්දච්ඡකමයි මර්දනයක් භාවිතා කරලා.
ගොවියෝ පාරට බැහැලා, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ පඹයෝ පුච්චනවා. ගොවියා රජකරවන්න ආපු ආණ්ඩුව එක්ක ගොවියෝ මේ හැටි ගැටෙන්නේ ඇයි ?
මේ ආණ්ඩුව බලයට ආවේ ගොවියන්ගේ කර පිටින්. ආණ්ඩුවේ ප්‍රබයෝ එදා හිටියේ කුඹුරේ, හේනේ. ඔවුන් එදා ගොවියෝ වෙනුවෙන් මඩ කෑවා, පිඳුරු කෑවා. නමුත් එදා ගොවීන්ට තේරුණේ නැහැ පිදුරු කන්නේ කවුද කියලා. ඒ නිසා ඔවුන් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. දැන් ඔවුන්ට සිහිපත් වෙලා තියෙනවා පිදුරු කන්නේ කවුද කියලා. අපි කරුණු කාරණා සහිතව පෙන්වලා දීලා තිබෙනවා. මේ ආණ්ඩුව ගොවිජනතාව සම්පූර්ණයෙන්ම රැවැට්ටුවා. ඔවුන්ට කරන්න පුළුවන් තරම් නින්දා අපහාස කළා. දැන් ගොවීන් වටහා ගෙන තිබෙනවා මේ ඇමතිවරු හේනේ – කුඹුරේ හිටවන්න මිස රට කරවන්න සුදුසු නැහැ කියලා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූලි 12 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.














