මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ජීවිත හානි සඳහා රජය වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටිය දී බන්ධනාගාර තුළ සිදු වන මරණ සඳහා රජය වගකිව යුතු බවට කළ ප්‍රකාශය යළි උපුටා දැක්වූ විපක්ෂ නායකවරයා නොසන්සුන්තාවයෙන් ඇති වූ මරණ සහ තුවාල බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීමක් සහ ආයතනික අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළ බව ද කීවේය.
වත්මන් රජය බලයට පත් වූයේ දේශපාලන සංස්කෘතියේ සහ ආයතන පාලනයේ ‘වෙනසක්’ පොරොන්දු වෙමින් වුවත් ආණ්ඩුව ඒ කිසිවක් නොකර වගකීමෙන් ඉවත් වීමට උත්සාහ කරන බව ද පෙන්වා දුන්නේය.















