පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා වන විභාගයට මුහුණ දීමට උසස් පෙළ විෂයන් තුනක් සමත් වීම අනිවාර්ය කර ඇති බවත් මෙය පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න නිර්මාණය කළ අදූරදර්ශී කොන්දේසියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (26) පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීය














