සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින් තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (23) කොළඹදී පැවති දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (South Asia Ministerial Conference on Ending Violence against Children (EVAC) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ජූනි 23 සහ 24 දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව මඟින් දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය අවසන් කිරීම සඳහා දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ඇත..














