දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා ජුනි 21 සිට ජුනි 24 දක්වා තෙදින සංචාරයක් සඳහා ඊයේ (21) කොළඹට පැමිණි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සහකාර ලේකම් කපූර් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් සහ එක්සත් ජනපද සමාගම් නියෝජිතයින් හමුවී ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපයේ හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම සංචාරය ඇමරිකානු සමෘද්ධිය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට සහ ඉන්දියානු සාගරයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමට ජනාධිපති ට්‍රම්ප්ගේ කැපවීම පිළිබිඹු කරන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.














