ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 ජූනි 18 වනදා (හෙට) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මිල අඩු කිරීම් පහත පරිදි වේ (කිලෝග්‍රෑම් 1 කට):

  • ලොකු ඇට කඩල: රු. 344.00 සිට රු. 339.00 දක්වා
  • සුදු කැකුළු සහල්: රු. 199.00 සිට රු. 196.00 දක්වා
  • පොන්නි සම්බා සහල්: රු. 235.00 සිට රු. 229.00 දක්වා
  • රතු නාඩු සහල්: රු. 239.00 සිට රු. 234.00 දක්වා
  • සම්බා රතු කැකුළු සහල්: රු. 229.00 සිට රු. 224.00 දක්වා
  • තිරිඟු පිටි: රු. 169.00 සිට රු. 159.00
  • දේශීය සුදු නාඩු සහල්: රු. 209.00 සිට රු. 204.00 දක්වා
  • සුදු සීනි: රු. 219.00 සිට රු. 217.00 දක්වා
  • සුදු කැකුළු සම්බා සහල්: රු. 240.00 සිට රු. 235.00 දක්වා

සංශෝධිත මිල ගණන් හෙට සිට දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website