ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගීන් කළමනාකරණය කිරීම සඳහා වන මාර්ගෝපදේශ වෛද්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
පරීක්ෂණ කඩිනමින් සිදු කිරීම සහතික කිරීම සඳහා රෝගීන්ගෙන් රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඩෙංගු උණ ඇති බවට සැක කරන සෑම රෝගියෙකුම වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවත්, වෛද්‍යවරුන් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම රුධිර සාම්පල ලබා දිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.











