ඉහළ යන ඩෙංගු උවදුර මර්දනය කිරීමට අද (15) සිට දිවයින පුරා ‘ඩෙංගු මර්දන සතියක්’

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය පැවසුවේය.

පොදු ස්ථාන සහ අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපාරය දියත් කෙරෙන අතර එය මේ මස 20 වන දින දක්වා මෙම වැඩසහන ක්‍රියාත්මක වේ. ඒ අනුව  ජූනි 15,16 සහ 17 යන දිනවල සියලුම පොදු ස්ථාන කෙරෙහි අවධානය යොමු කරමින් ඩෙංගු මර්දන කටයුතු සිදු කෙරේ.

අධ්‍යාපන ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම 18 වන දින සිදු කෙරෙන අතර, 19 වන දින රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකෙහිම සිදු කෙරේ.

ගෘහස්ථ හා අවට පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු 20 වන දින සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website