
ආර්ථික හා සාමය සඳහා වූ ආයතනය විසින් පවත්වන ලද මෙම වසරේ ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයට පත්ව ඇත. 2025 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසු වූ අතර 2026 දී ස්ථාන 30 වාර්තා ගත ප්‍රගතියක් ලබා ඇත.
ස්වාධීන රාජ්‍යයන් සහ ප්‍රදේශ 163 ක් සාමකාමී මට්ටම අනුව ශ්‍රේණිගත කරන වාර්ෂික අධ්‍යයනයට අනුව 2026 දී සමස්ත ලකුණු 1.91ක් ලබා ගත් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ භූතානයට පමණක් පිටුපසින් සිටී. භූතානය ලෝකයේ වඩාත්ම සාමකාමී ජාතිය ලෙස 16 වන ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාවට පිටුපසින් 68 වන ස්ථානයේ ජෝරදානය සිටී.
ගෝලීය සාම දර්ශකය පුද්ගලික ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම්, හමුදාකරණය, දේශපාලන ස්ථාවරත්වය, අපරාධ, ත්‍රස්තවාදය සහ තවත් බොහෝ සාධක මනිනු ලබයි.
2026 වර්ෂයේ ලෝකයේ සාමකාමීම රට ලෙස අයිස්ලන්තය ඉදිරියෙන්ම සිටින අතර, පිළිවෙළින් නවසීලන්තය, ස්විස්ටර්ලන්තය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය සහ ඔස්ට්‍රියාව මුල්පෙළ සිටී.
මෙම ලැයිස්තුවේ 163 වැනි ස්ථානයේ රුසියාව සිටින අතර රුසියාවට පිටුපසින් සුඩානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යුක්ක්‍රේනය සහ ඊශ්‍රායලය සිටී.
මේ වන විට යුද්ධයකට මුහුණ දී සිටින ඉරානය ගෝලීය සාම දර්ශකයේ 144 වැනි ස්ථානයේ පසුවේ.
මෙම සම්පූර්ණ වාර්තාව පහත දිගුවෙන් ලබාගත හැකිය.

https://www.visionofhumanity.org/wp-content/uploads/2026/06/Global-Peace-Index-2026-Report.pdf














