නිවසක ඇති කරන සුනඛයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස වද හිංසා කළ සුනඛ හිමිකරු අත්අඩංගුවට

මීගමුව වැල්ලවවීදිය ප්‍රදේශයේ නිවසක ඇතිකරන සුනඛයින් දෙදෙනෙකුට එම සුනඛයින්ගේ හිමිකරු විසින් අමානුෂික ලෙස වද හිංසා පමුණුවන බවට වාර්තා වූ තොරතුරක් අනුව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශනයක් සිදුකර සැකකාර සුනඛ හිමිකරු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුනඛයින්ගේ මුඛය නූල් වර්ගයකින් ගැටගසා තිබී ඇති අතර නිලධාරීන් සුනඛයින් ඉතා ආරක්ෂාකාරීව පොලිස් භාරයට ගෙන තිබේ.

සුනඛයින් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

67 හැවිරදි අදාළ සැකකරු 2026.06.11 වන දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website