“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් මා ඔයේ පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම හෙට (07) දින සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව, ඉහත දින උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බැවින් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
විකල්ප මාර්ග
• පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගය ඔස්සේ කොළඹ 05 මාර්ගයට ඇතුළුවීම.
• කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්ගයට පිවිසිය හැකිය.
• කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන හද්දමුල්ල හන්දියෙන් මිරීගම මාර්ගයට පිවිස කණ්ඩලම, අඹේපුස්ස ගොවිපොල, නවතල්වත්ත, බෝයවලාන, මාහරගම හරහා කුරුණෑගල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
• කොළඹ, නිට්ටඹුව දෙස සිට මීගමුව මාර්ගයට පැමිණෙන රථවාහන කොටදෙනියාව ඔරලෝසු කණුව අසළින් මැල්ලවලාන මාර්ගය භාවිතා කර මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.














