බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අද (03) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය. කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව සිව්දින තරඟ දෙකක් සහ එක්දින තරඟ තුනක් ක්‍රීඩා කරනු ඇත.
මෙම සංචාරය ජුනි 8 වන දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පළමු සිව්දින තරඟය සමඟින් ආරම්භ වන අතර, දෙවන සිව්දින තරගය ජුනි 15 වන දින එම ස්ථානයේදීම ආරම්භ වේ.
එක්දින තරග ජුනි 22, 24 සහ 26 යන දිනවල පැවැත්වේ.
පළමු එක්දින තරග දෙක SSC හිදී පැවැත්වෙන අතර අවසන් තරගය NCC හිදී පැවැත්වේ.













