දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් බවට සැක කෙරෙන රෝගීන් 250ක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ දක්වා මෙනින්ජයිටිස් ඇති බවට සැක කෙරෙන රෝගීන් 250ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර දසනායක මහතා සඳහන් කළේය.

රෝගීන්ගෙන් 50කටත් අඩු සංඛ්‍යාවක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවත් දෙනියාය, රිකිල්ලගස්කඩ, දියතලාව, වැලිමඩ සහ මහනුවර ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වී ඇති බවත් දසනායක මහතා පැවසුවේය.

මේ දිනවල පැතිර යන මෙනින්ජයිටිස් රෝගය එන්ටර් වයිරස් කාණ්ඩයට අයත් වෛරසයක් නිසා ඇති වන බව හඳුනාගෙන ඇති අතර රෝගය වැළඳීම වැළැක්වීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website