මැදපෙරදිග යුද්ධයේ බලපෑමට ලක් වූ එකම රට ශ්‍රී ලංකාව නොවන බවත්, එයින් බැට කෑ අනෙකුත් රටවලට වඩා වෙනස් ආකාරයකින් ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් හිටපු අමාත්‍ය, මහචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේය.
මහාචාර්ය පීරිස් මෙහි දී රජයට චෝදනා කරමින් ප්‍රකාශ කළේ වත්මනන් රජය මැදපෙරදිග අර්බුදයට මුවා වී ජනතාව රැවටීමට පියවර ගනිමින් සිටින බවයි.
“ජපාන අග්‍රාමාත්‍යවරයා සෑම දිනකම ව්‍යවසායකයින් සමඟ, විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ, මෙහි බලපෑම් අවම කිරීම සඳහා භාවිතා කළ හැකි ස්වේච්ඡා ක්‍රම පිළිබඳව කතා කරනවා. සිංගප්පූරුවේ, ඔබ ඔවුන්ගේ මාධ්‍ය පරිශීලනය කරන්නේ නම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දවසේ වැඩි කාලයක් මහ ජනතාව සමඟ කටයුතු කරන ආකාරය දැකගන්න පුළුවන්.. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සංයුක්ත යෝජනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක, ඔවුන් සීමිත කාලයක් සඳහා බස් රථ සහ දුම්රියවල නොමිලේ ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඊට පටහැනිව, ශ්‍රී ලංකාවේ, අපි රැවටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. අපි ඒ ප්රශ්නය මඟ හරිමින් සිටිනවා. අපි ජනතාව රැවටීමට උත්සාහා කරනවා, ”ඔහු පැවසීය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණයට දෙන මුදල් නිසි අරමුණු සඳහා යොදා ගැනීම සහතික කිරීමේ වගකීමක් ආණ්ඩුවට ඇති බව ද මහාචාර්ය පීරිස් අවධාරණය කළේය.
“මෙය රටේ ජනතාව විසින් ආපසු ගෙවිය යුතු මුදල්. එබැවින්, ඔවුන්ගේ මුදල් ඔවුන් අදහස් කරන අරමුණ සඳහා යොදා ගන්නා බව සහතික කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.” මහාචාර්ය පීරිස් පැවසුවේය.
















