ජූනි මාසයේ ඉන්ධන මිල සංශෝධනය ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ජූනි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවක් ලබන සඳුදා පවත්වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේය.

මේ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවයි.

“ඇමරිකාවේ සිට බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000 ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී මෙරටට පැමිණියා. තවත් බොරතෙල් නෞකාවක් ලබන 31 වන දින දිවයිනට පැමිණීමට නියමිතයි” ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website