වෙසක් දන්සැල් ලියාපදිංචිය අදින් (29) අවසන් – දන්සැල්වලට මාර්ගෝපදේශ මාලාවක්

වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් (29) අවසන් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

එම සංගමය අවධාරණය කළේ වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සැල්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවයි.

මේ අතර දන්සැල් සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේය. www.epid.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම උපදෙස් ලබා ගත හැකි බව ද එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website