කැබ් රථයක ගැටුණු වන අලියෙකුගේ දේහයක් හමුවෙයි

ඊයේ (25) රාත්‍රී 11.10 ට පමණ මහනුවර යාපනය A-09 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයෙන් ධාවනය වූ කැබ්රථයක් කිලෝමීටර් 97 ත් 98 ත් අතර තෝනිගල ප්‍රදේශයේදී අලියෙකුගේ ගැටී අනතුරක් සිදුවී තිබේ.

කැබ් රථයේ ගැටුනු අලියාගේ නිසල දේහය මීටර් 300 පමණ දුරින් ඇති ගොඩ ඉඩමක තිබී අද (26) දින සොයා ගෙන ඇති අතර වනජීවී නිලධාරීන් විසින් අලියා මියගොස්‍ ඇති බවට තහවුරුකර කැබ් රථයේ රියදුරු හා රියසහයක විමර්ශන සඳහා වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.

අනතුරින් කැබ්රථයට දැඩිලෙස හානි වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය ධාවනය කළ 24 හැවිරිදි රියදුරුට හා 24 හැවිරිදි රියසහයකට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ. මරදන්කඩවල පොලිස් ස්ථානය හා වනජීවී දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website