කාර්යසාධන වාර්තා පහකට ආංශික අධීක්ෂණ කාරක සභා අනුමැතිය

කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබා දෙන  ලදී.       

මේ අනුව 2023 හා 2024 වර්ෂවල ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තා සහ 2024 වර්ෂයේ ජනාධිපති අරමුදලේ කාර්යසාධන වාර්තාව, කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීම සිදු විය. එසේම 2023 හා 2024 වර්ෂවල අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවන්ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමත කෙරිණි.

මීට අමතරව බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පිඹුරුපත් ලියාපදිංචි කිරීමට හැකි වන පරිදි 2002 අංක 17 දරන මිනින්දෝරු පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website