රුපියල වාර්තා තබමින් අවප්‍රමාණය වෙයි – අද ඩොලරයට රුපියල් 354ක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (21) දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වූ අතර අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354.07ක් ලෙස සටහන් විය.

ඊයේ (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 342ක් ලෙස වන අතර ඒ අනුව පැය 24ක් තුළ රුපියල් 12කින් ඩොලරයක විකුණුම් ඉහළ ගොස් තිබේ.

අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන් වූ අතර  මෙය 2023 වසරේ මාර්තු 02 වැනි දාට පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ අවම අගය වේ.

අද (21) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 345.00 – රු. 354.00
  • මහජන බැංකුව – රු. 344.44 – රු. 354.7‍
  • කොමර්ෂල් බැංකුව – රු. 343.09 – රු. 354.25
  • සම්පත් බැංකුව – රු. 344.50 – රු. 353.5
  • හැටන් නැෂනල් බැංකුව – රු. 346.00 – රු. 345.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website