රුපියලේ අගය අඛණ්ඩව අවප්‍රමාණය වීම සහ ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ආනයනික භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමට ඉඩ ඇති බවට අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා අනතුරු ඇඟවීය.
ඔහු පැවසුවේ විනිමය අනුපාතවල උච්චාවචනය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ පිරිවැයට සෘජුවම බලපානු ඇති බවයි. ඒ අනුව සීනි, පරිප්පු සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉදිරි දිනවල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
















