අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයින පුරා පුද්ගලයින් 4099ක් පීඩාවට – නිවාස 141කට හානි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,099 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර නිවාස 141කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) පෙ.ව 10.00ට නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ සහන් වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරින් වැඩිම සංඛ්‍යාවක් (78) කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 6ක්, කොළඹ දිස්ත්‍රික්කයේ 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ 4ක්, යාපනය දිස්ත්‍රික්කයේ 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 3ක් සහ හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල නිවාස 2 බැගින් අර්ධ වශයෙන් හානි වී ඇත.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,099 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 48 ක පවුල් 1,263 කට අයත් පුද්ගලයින් 4,099 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website