පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස පත් කළ සභාපතිවරයා සහ සමාජික මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිතිවයෙන්  යුක්ත මෙම විශේෂ කාරක සභාවේ  අනෙකුත් සාමාජික ගරු මන්ත්‍රීවරයන් ලෙස මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, ආර්. එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි,  ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් නම් කළ බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website