CID එකට ප්‍රකාශයක් දෙන්න මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සති දෙකක් කල් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (20) දින පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අදාළ ප්‍රකාශය ලබා දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එම කාලය දීර්ඝ කිරීමට ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6 කට අධික රාජ්‍ය අරමුදල් අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website