
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.
ආර්ථික ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ගැටලු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
මෙම හමුව වෙනුවෙන් නියෝජ්‍ය අගමැති ලැමී සමඟ මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික්, පෞද්ගලික ලේකම් සුක්වින්දර් සෝධි, නියෝජ්‍ය අගමැති ජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානී ඩේවිඩ් මේයර්, විශේෂ උපදේශක ෆියෝනා මේගර් සහ පළමු ලේකම් (දේශපාලන) ටොම් සෝපර් යන මහත්වරු සහභාගී වූහ.
මෙහි දී ප්රජාතන්ත්රවාදී පාලනය, වෙළෙඳ ව්‍යාප්තිය සහ ද්විපාර්ශ්වික මානුෂීය සහයෝගීතාව පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදු විය.










