උද්ධමනය 8.1% දක්වා ඉහළට – ආහාර කාණ්ඩයේ උද්ධමනය වේගයෙන් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් වාර්ෂිකව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය පසුගිය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය 2026 ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා විය.

ආහාර කාණ්ඩය සඳහා වාර්ෂිකව උද්ධමන අනුපාතය 2026 ජූලි මාසයේදී 4.9% සිට 2026 අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන උද්ධමනය 2026 අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇත. එය ජූලි මාසයේ 9.2%ක අගයක් ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website