තෙත් කලාපයට මහ වැසි ලැබුණත් වියළි කලාපයට ප්‍රමාණවත් වැස්සක් නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

තෙත් කලාපයේ බොහොමයක් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නමුත් වියළි කලාපයට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් මෙන්ම අත්තනගළු ඔයේ ජල මට්ටම ද අඩුවෙමින් පැවතුණ ද, මේ සියලු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බව ද සූරියබණ්ඩාර මහතා පැවසීය.

සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අද (21) උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

පෙරේදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානම පවතින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතින අතර කැලණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ද ඉහළ අගයක පවතින සූරියබණ්ඩාර මහතා සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website