අද දේශපාලනයක්, දැක්මක් සහ දෘෂ්ටිවාදයක් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි – ජනපති මහනුවරදී

දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට  පත්ව ඇත්තේ ජාතිවාදය බවත්, උතුරේ හෝ දකුණේ කිසිදු තැනක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපේ විශාලතම ශක්තිය එකමුතුකම බවත්, අපේ රටේ ප්‍රධානම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැන බවත් සියලුදෙනා එකට එක් වීමෙන් ශක්තිමත් ලෙස රට ගොඩනැගිය හැකි බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීත උරුමයන් මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල්  නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘Rebuilding Sri Lanka” වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.

නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින් නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.

තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමිණි.

මේ අනුව නිවාස ඉදිකිරීම සඳහා පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ විස්සක චෙක්පත් ප්‍රදානය, අර්ධ නිවාස හානි වූ පවුල්  වෙනුවෙන් තමන් පදිංචි නිවස පිළිසකර කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනක චෙක්පත් ප්‍රදානය  සහ හානියට පත් කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා රුපියල් ලක්ෂ දෙකක චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණි.

එමෙන්ම, නියංගොඩ පිරිවෙන් දහම් පාසල පවත්වාගෙන යාම සඳහා පාසල් ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website