සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (24) සවස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින දිවා රාත්‍රී තරඟය එංගලන්ත කණ්ඩායම කඩුළු 05ක් ජයග්‍රහණය කළේය.
කාසිවේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 49.3කදී සියලු දෙනාම දැවී ලකුණු 219ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසංලක පන්දු 64කදී ලකුණු 45ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ පවන් රත්නායක ලකුණු 29ක් රැස් කළේය.
Joe Root ලකුණු 13කට කඩුළු 02ක් ද Jamie Overton ලකුණු 21කට කඩුළු 02ක් ද Adil Rashid ලකුණු 34කට කඩුළු 02ක් ද දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.2ක දී කඩුළු 05කට ලකුණු 223ක් ලබා ගත්තේය.
මේ වන විට 1:1ක් ලෙස තරඟාවලිය සම වී ඇත.














