මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්‘ නැමැත්තාගේ අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
සැකකරු මෙම නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදී ගෙන දී ඇති බව පොලීසිය පැවසුවේය.
මෙම නිවස මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පැහිදිලි කිරීමට සැකකරු අසමත්ව ඇති අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සැකකරුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති බවයි.












