යුක්ක්‍රේන හා ප්‍රංශ යතුරුපැදි පැලෑන ප්‍රදේශයේදී එකිනෙක ගැටෙයි – සංචාරකයින් දෙදෙනාටම තුවාල

ඊයේ (09) සවස ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ පැලෑන ප්‍රදේශයේදී මෙරට සංචාරය සඳහා පැමිණ සිටින යුක්ක්‍රේන ජාතිකයෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු පැදවූ යතුරුපැදි එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

වයස අවුරුදු 38 ක් වන ප්‍රංශ ජාතික යතුරුපැදිකරු වයස අවුරුදු 36 ක් වන පසුපැදිකාරිය යතුරුපැදියේ නංවාගෙන ගාල්ල දෙසට යාමට මාර්ගය හරහා යතුරුපැදිය හැරවීමට උත්සහ ගෙන ඇති අතරතුර පසුපසින් පැමිණි යුක්ක්‍රේන ජාතික යතුරුපැදිකරු ගැටී තිබේ.

අනතුරින් ප්‍රංශ ජාතික දෙදනා තුවාල ලබා ඇති අතර පොලිස් විමර්ශනයේදී එම යතුරුපැදිකරුට මෙරට රිය පැදවීම සඳහා වලංගු රිය බලපත්‍රයක් නොමැති බව අනාවරණය වී ඇත.

යුක්ක්‍රේන ජාතිකය පුද්ගලයා සතුව මෙරට රිය පැදවීම සඳහා තාවකාලික වලංගු බලපත්‍රයක් තිබී ඇත. එම යතුරුපැදිකරුට හා පසුපැදකාරියද අනතුරින් තුවාල ලබා ඇත.

සංචාරකයින් සිව්දෙනා මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවේ. යතුරුපැදි වැලිගම පොලිස් ස්ථානය භාරයේ අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශනය සිදුකරමින් පවතී කෙසේ වෙතත් මෙරට සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සුලු කාලයක් සඳහා යතුරුපැදියක් කුලී පදනම මත ලබාගෙන ධාවනයේදී අනතුරට ලක්වන අවස්ථා වාර්තා වේ.

මෙරට රිය පැදවීම සඳහා නිසි පුහුණුවක් හෝ බලපත්‍රයක් නොමැති වීම එලෙස සිදුවන බොහෝ අනතුරු සඳහා හේතු පාදක වී ඇත.

විදේශීකයෙකුට මෙරටදී යතුරුපැදි පැදවීම සඳහා පහත සඳහන් බලපත්‍ර වලින් එකක් හෝ අවශ්‍ය වේ.

  • මෙරට වලංගු රියදුරු බලපත්‍රය.
  • මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය.
  • ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය. (මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබා ගත් පරිවර්ථන සහතිකය).

එබැවින් සංචාරක ක්‍ෂේත්‍රයේ කුලී වාහන ලබා දෙන ආයතන නියෝජනය කරන ඔබ, හෝටල් හිමිකරුවන් වන ඔබ, විදේශිකයන් සඳහා වාහන ලබා දීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ ඔවුන් සතුව තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා වාහන ලබා දීමට කටයුතු කළ යුතුය. එසේ නොමැතිව යතුරුපැදියක් හෝ කුමන හෝ වාහනයක් ලබාදෙන ඔබ නීතිය හමුවේ වරදකරුවෙකු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website