
ශ්රී ලංකා ක්රිකට් තේරීම් මණ්ඩලය 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා පිරිමි සංචිතය නම්කර ඇත. කණඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.
ICC පිරිමි T20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 වන දින ආරම්භ වන අතර, තරඟාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්රී ලංකාව දරයි.
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සංචිතය පහත දැක්වේ.
- දසුන් ශානක – නායක
- පැතුම් නිශ්ශංක
- කමිල් මිෂාර
- කුසල් මෙන්ඩිස්
- කමිඳු මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- චරිත් අසලංක
- ජනිත් ලියනගේ
- පවන් රත්නායක
- වනිඳු හසරංග
- දුනිත් වෙල්ලාලගේ
- මහේෂ් තීක්ෂණ
- දුෂ්මන්ත චමීර
- මතීෂ පතිරණ
- ඒෂාන් මාලිංග














