රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට ගන්නා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මොනවාද ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ තීරණයකට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ග පෙබරවාරී අද (02)  සිට තීව්‍රර  කර ඇත.

ඒ අනුව අද (02) උදෑසන 8.00 පහත දැක්වෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

  • නව තීරණය අනුව, රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
  • රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
  • දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම,
  • අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
  • රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,
  • විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සඳහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website