බිංගිරිය පොලිස් වසමේ හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්රදේශයේ ඊයේ (01) දින සිදුවූ අනතුරකින් වයස අවුරුදු 13ක දරුවෙකු මිය ගොස් ඇත.
කුරුණෑගල දෙස සිට හලාවත දෙසට ධාවනය කරමින් තිබූ හයිජෙට් වර්ගයේ කුඩා ලොරි රථයක් මාර්ගය අයිනේ පා ගමනින් ගමන් සිටි කුඩා දරුවන් දෙදෙනකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇත. එම අනතුරින් අනෙක් දරුවාද බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට හලාවතේ රෝහලේ ප්රතිකාර ලබයි.
මියගිය දරුවාගේ මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දින සිදු කිරීමට නියමිතයි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












